By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජේ.ආර්.ජයවර්ධන යුගයේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජේ.ආර්.ජයවර්ධන යුගයේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා
දේශපාලන

ජේ.ආර්.ජයවර්ධන යුගයේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා

Last updated: September 10, 2024 2:40 pm
9 Min Read
Share
ජේ.ආර්.ජයවර්ධන යුගයේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා
ජේ.ආර්.ජයවර්ධන යුගයේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා

අලුතෙන් හිතමු ජාතික සමූහිකය ” නොකළ යුත්තේ කුමක්ද කතිකාව” මැයෙන් අද( 10)කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළකෙරිණී.
මෙහිදී අදහස් දැක් වූ බස්නාහිර පළාත් හිටපු අමාත්‍යය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා-
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනෙක්ගේ ප්‍රතිපත්ති සාකච්ඡාවට ලක්වෙනවා. ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු දෙසිය තිස් දෙකකින් සමන්විතයි. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සැමට ජයක් කියලා පිටුතිස් හයකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. නිර්පාක්ෂික ජාතික අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුළුවන් ශ්‍රී ලංකා නමින් පිටු හැට දෙකක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. පිටුත් 232කින් සමන්විත විශාලතම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා තියෙන්නේ අනුර කුමාර දිසානායක රට අනුරට කියලා ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ ජාතික ජනබල වේගය කියලා කිව්වට මේකේ ප්‍රධාන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අවුරුදු 65 කට වැඩි කාලයක් ගතවෙන මෙම පක්ෂයේ චින්තනය දර්ශනය පදනම මාක්ස්වාදී චින්තනයක් වාමාංශික පක්ෂයක් කියනවා. ඔවුන් දෙවරක් ආයුධ සන්නද්ධ බලයෙන් රටේ බලය පැහැරගන්න උත්සාහ කළා. 1971රෝහණ විජේවීරගේ නායකත්වයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගත්ත සිරිමාවෝ බණ්ඩාරනායක සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වලින් සමන්විත සමගි පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවට වසරක් යන්න කලින් සමාජවාදය ගොඩනගන්න කියලා කැරැල්ලක් දියත් කරා. ලංකා සම සමාජ පක්ෂය හා කොමිනිස් පක්ෂය කියන්නේ සමාජවාදය මූලික වූ පක්ෂ. ඒ පක්ෂ වලින් සමන්විත පෙරමුණක් බලයට පත්වෙලා තිබුණේ ඒ වෙලාවේ.
ආචාර්ය උපාධි දෙකක් සහිත එන්. එම් පෙරේරා ඒ ආණ්ඩුවේ මුදල් ඇමති. එවැනි ආණ්ඩුවක් පෙරළලා දාලා ආයුධ අතට අරගෙන කැලේ සැඟවී සිට එකවර පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර දුන්නා. ඒ වෙනකොට ලංකාවේ තිබුණේ පොලිස් ස්ථාන අනූ හතරයි. ඒකෙන් පොලිස් ස්ථාන පහක් ඔවුන්ගේ පාලනයට ගත්තා. සමහර ප්‍රදේශ මාස තුනක් විතර ඔවුන් පාලනය කළා. විශේෂයෙන් ඇල්පිටිය වගේ ප්‍රදේශ. ඒ කැරැල්ල සම්පූර්ණයෙන් පරාජයට පත් කරා. කැරැල්ලෙදි 4000ක් විතර මිය ගියා කියලා වාර්තා වෙලා තියෙනවා. විසි දහසක් විතර පුනරුත්ථාපනය කරලා තියෙනවා. වාමාංශික සමාජවාදී ආණ්ඩුවක් හදන්න ප්‍රජාතාන්ත්‍රවාදී නොවන ආකාරයට බලය පැහැරගන්න උත්සාහ කර පළමු අවස්ථාව එය. 1987 ජයවර්ධන පාලන සමයේ ඉන්දු ලංකාගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් වෙස් මූණ දාගෙන මව්බිම නැත්නම් මරණය කියලා කැරැල්ලක් පටන් ගත්තා. අදත් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ සැබෑ නමින් නෙමෙයි. ජාතික ජන බලවේගය කියන වෙස් මුහුණේන්.
එදා දා ගත්තේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන විස්මූණ. ඒ වෙස් මුහුණ දාගෙන ඉන්දියන් හමුදාවට විරුද්ධව සටන් කරනවා කියලා පටන් අරන් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවට විරුද්ධව අවි ගත්තා. එක්සත් ජාතික පාක්ෂිකයෝ, සංවිධායකවරු ඝාතනය කරන එකයි ඔවුන් කලේ. එදා ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝත් ඝාතනය කළා.
සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය කියන මේ සියලු පක්ෂවල සාමාජිකයෝ ඝාතනය කරන්න පටන් ගත්තෙ ඉන්දුලංකා ගිවිසුම පිළිගත්තා කියලා. එදා ඉන්ඳු ලංකා ගිවිසුම පිළි නොගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 1988 පස්සේ තහනම් කරලා ඒකට විරුද්ධව විශාල ප්‍රහාරයක් දියත් කරා මේක තමයි දෙවැනි අවස්ථාව. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන වෙස් මුහුණ දාගෙන ඉන්දියන් හමුදාවට විරුද්ධව සටන් කළා කියලා කොහේවත් ලියවිලා නෑ. ඉන්දියානු සෙබලු මරා දැමුවා කියලා කොහේවත් ලියවිලා නෑ. මේ කැරැල්ල දියත් කළේ හමුදාවට නෙවෙයි රාජ්‍ය බලය පැහැර ගැනීමටයි.
1988 වෙනකොට මව්බිම නැත්නම් සමාජවාදය කියන සටන් පාඨයට මාරු වුණා. කෘර ප්‍රචණ්ඩත්වයක් සාහසිකත්වයත් සමාජය තුළ මුදා හැරියා. වත්මන් විපක්ෂ නායකතුමාගේ පියාණෝ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒ කැරැල්ල මර්දනය කරන්න සමත් වුණා. එදා හැටදහසක් විතර මියගිය අවිචාර සමයක්. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඝාතනය වුණා. බුද්ධිමතුන්, කලාකරුවන්, මහා සංඝරත්නය ඝාතනය කළා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වුණු දළදා මාලිගාවට මුලින්ම පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ .දැන් පන්සල් ගිහිල්ලා පිරිත් නූල් ගැටගහගෙන ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි ආණ්ඩු කරන බව කිව්වට ඉතිහාසය අමතක කරන්න බැහැ.
ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ඇවිත් තනි පක්ෂයක් විදිහට කවදාවත් පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු බලයක් හිමි කරගන්න බැරිවුණා. සන්ධානගත වීම හරහා මන්ත්‍රී ධූර ලබාගත්තා. තනි පක්ෂයක් විදියට තරග කරාම ලැබුණේ පාර්ලිමේන්තුවේ සීයට තුනයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක සන්ධාන ගත වුණාම ජාතිකවාදී වාමාංශික කණ්ඩායම් සමඟ සන්ධානගත වුණාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තිහ හතළිහ ගන්න පුළුවන් වුණා. වෙස් මුහුණ ගලවලා සන්ධාන දේශපාලනයෙන් ඉවත් වුණාම තියෙන හැඩය නෙමෙයි වෙස් මුණ දාගත්තම. අතීතය අමතක කරමු, අතීතය වැරදි ගැන කතා කරල වැඩක් නෑ, කියනවා. කලාකරුවෝ ඔක්කොම ඒ පිටිපස්සේ යනවා. භික්ෂූන් වහන්සේලා නීතිඥවරු උගත්තු මහාචාර්යවරු එකතු වුණත් ඒ අයගේ අදහස මොකක්ද කියලා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ප්‍රධාන දේ ඉන්දියන් විරෝධය. ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා පංතියක් ඔවුන් කළා. ඒ අදහසෙන් ඔවුන් වෙනස් වෙලා නෑ. වෙළඳ ගිවිසුම් වලට එකඟ නැහැ. වෙළෙඳ ගිවිසුම් වලින් අයින් වෙනවා කියන්නේ ඒකයි.
වෙළෙඳ ගිවිසුම් වලින් ඉවත් වෙලා ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද?. අපනයන ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද?.ආසියානු රටවල් වලින් වැඩිම වෙළඳ ගිවිසුම් වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ සිංගප්පූරුව. දැන් වියට්නාමය. වේගයෙන් වෙළඳ ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා. මේ රටවල් සමග වෙළඳ ගිවිසුම් වලටඑන්නැතුව කොහොමද? අපනයන ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද?.ඩොලර් නැතුව පොහොසත් රටක් ගොඩ නංවන්නේ කොහොමද?.
දේශප්‍රේමී ජන බලවේගයේ නායක සුගත් හේවාපතිරණ මහතා –
විපක්ෂ නායක විදියට පෙනී හිටින්නැතුව සුද්දන්ටත් නොතේරෙන ඉංග්‍රීසි කතා කරමින් තවත් විටෙක ජපන් කතා කරන මෝඩ විපක්ෂ නායක නිසා තුන්වෙනි බලවේගයක් ඇතිවුණා.
ජනතා විමුක්ති පෙරමුණ අද සමාජය භීතියට පත් කරනවා. උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව භීතියට පත් කරනවා. ජනතාව භිතියට පත් කිරීම හරහා රනිල් වික්‍රමසිංහට ඡන්ද පාවිච්චි කිරීම වලක්වනවා.උතුර නැගෙනහිරට දේශපාලන බලයක් ලබා දෙන, පළාත් සභා ක්‍රමය ජේ.ආර්.ජයවර්ධන යුගයේ හඳුන්වා දෙන කාලේ ඉඳලා ජනවාර්ගික සමගිය බිඳවන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වුණා.
සිංහල, දෙමළ, මුස්ලිම් උගත් බුද්ධිමත් ජනතාවට එරෙහි මේ පැසිස්ට්වාදී ව්‍යාපාරයට එරෙහිව මහ පාරේ ජනතාව සමග අරගල කරන්න පටන් ගමු කියල මම ජනතාවට ආරාධනා කරනවා. නුගේගොඩ රැලියෙදි කිව්වා දවසක් එනවා මේ රටේ අන පනත් නීතිරීති රේගුරාසී පුස්තකාලයක අල්මාරියක න්‍යාය පුස්තක බවට පරිවර්තනය කරන්න කියලා. මේක කියනකොට අපි රහස් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. එවකට හිටපු අධ්‍යක්ෂ තුමා මට ලියුමක් එව්වා මේ ගැන හොයා බලන්න නීති ප්‍රතිපාදන නෑ කියලා. අවසානෙ මොකද වුණේ? ගෙවල් 75ක් ගිනි තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගහලා මැරුවා. අටවගෙන ඉන්න විශ්‍රාමික හමුදා නිලධාරී සංගමයේ හමුදාවෙන් පන්නපු කෙනෙක් ජනතාවට තර්ජනය කරනවා.
මේ පැසිස්ට්වාදය දේශපාලනයට විරුද්ධව, ජනතාවට සුරංගනා කතා කියන ඔලමොට්ටල විපක්‍ෂනායකටත් එරෙහිව ජන මනස නිවැරදි දිසාවකට හරවන්න ඕනේ. ඒ සඳහා වෘත්තීය සංවිධාන ආගමික සංවිධානය මහා සංඝරත්නයට අපි ආරාධනා කරනවා. රට අනතුරක. මාතෘ භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරක.
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා –
දෙවන වතාවටත් වැරදුනා. ඒ හින්දා ආයේ දේශපාලනය කරන්නේ නෑ කියලා විසිදෙක කැලේට යනවා සජිත් ප්‍රේමදාස. එතුමා සිහින ලෝකෙ ඉන්න අවසාන කාලය. එතුමාව සිහින ලෝකයෙන් ඇහැරවන්න රටේ බුද්ධිමත් ජනතාව බලාගෙන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවසට පහර දීලා ඇරඹුණ අරගලයෙන් පසුව සජිත් ප්‍රේමදාස වගකීම් භාරගන්න ඉදිරිපත් නොවුන කෙනෙක්. මේ තරම් වැඩ පිළිවෙලක් තිබුන නම් ඇයි මැයි නම වෙනිදා සාකච්ඡාවකටවත් එන්නේ නැතුව වෙන අය එව්වේ. ඉල්ලීම් ඉල්ලමින් කල්ගත කරේ ඇයි.
ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලා අස්වන දිනය විමසන්නේ නැතුව එතුමට තිබුණා දුන්න වගකීම භාරගන්න. සජිත් ඔයා බාරගන්න දින අනුවකින් මම ඉල්ලා අස්වෙන්නම් කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වත් එතුමා එය බාරගත්තේ නැහැ. සජිත් පරිණත දේශපාලන චරිතයක් නෙවෙයි. නොමැරූ දේශපාලන කළලයක්. ඒ කළලයට අනාගතය භාර දීලා බංගලාදේශයේ තත්වෙට වැටෙන්න අපි සූදානම් නෑ.
තමන්ගේ තාත්තා ගැන කිය කිය පපුවට ගහගන්න, වැඩපිළිවෙලක් නැති, අභියෝගයක් බාර ගන්න බැරි සජිත් ප්‍රේමදාසට රට භාරදීම නොකළ යුතු පලමු දෙයයි. රට ආර්ථික අර්බුදයකට ගොනු කරන්න ලාල් කාන්ත මැයි නමවෙනිදා උපරිමයෙන්ම රට ගිනි තිබ්බා. පාර්ලිමේන්තුව අල්ලලා ප්‍රචලිතන්ත්‍රවාදී මූරධර්ම බිඳ දාලා රට තුළ සිවිල් යුධමය තත්ත්වයක් ඇති කරන්න ඔවුන් උත්සාහ ගත්තා. පොහොසත් රටක් හදන්න දන්නේ නැහැ.

පිවිතුරු හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහලේකම් උපුල් කෝනාර මහතා –
ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු රටක් ගොඩ දාන හැටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්වල දීල තියෙනවා. බංගලාදේශය ආර්ථිකය යළි ගොඩනගාගන්න උපදෙස් ගන්නේ ජනාධිපතිතුමාගෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙක් රටවලට උපදෙස් දෙන්නේ ලංකාවෙන් ආදර්ශ ගන්න කියලා.
රැල්ලට රැවටිලා කතිර ගහලා ආපසු හැරිලා බලපුවම රටත් විනාශ වෙලා අපිත් විනාශ වෙලා. ලෝක දේශපාලන නැඹුරුව තේරුම් ගන්න. ලෝක ආර්ථිකය කොහෙටද ගමන් කරන්නේ. ලංකාවේ පිහිටීමේ වැදගත්කම ලෝක නායකයින්ට දැනිලා තියෙනවා. මේ නිසා අප රට තුළ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් සූක්ෂම ක්‍රියාමාර්ග දන්න නායකයෙක් විදියට අපි රනිල් වික්‍රමසිංහ දකිනවා රටේ හතර මායිම ආරක්ෂා කර ගත හැකි නායකයා විදියට මේ මොහොතේ අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. උතුරු ඡන්ද ටිකට ලන්සු තියෙන හැටි අපි පහුගිය කාලේ දැක්කා. අපි ජනවාර්ගික අර්බුදවලින් බැට කාපු ජාතියක්. ජීවිත දන් දීපු ජාතියක්. නැවත එවැනි අර්බුද මේ රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ

TAGGED:LocalPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?