ජාතික ජන බලවේග නායක එම පක්ෂ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු සහභාගි වීමට සැලසුම් කර තිබූ මාතර මොරවක ප්රදේශයේ ජන හමුවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගි විය.
පසුගිය දින කිහිපයම පුරාම ජනාධිපතිවරණ රැලි අමතමින් වෙහෙස මහන්සි වූ නිසා අනුර දිසානක මහතා රෝගී වී ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.
මේ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පසුගිය දින දෙකෙහි දකුණු පළාතේ දෙණියාය, මොරවක, හිනිදුම, හා උතුරු පළාතේ වඩුක්කොඩි, නෙල්ලියඩි යන ප්රදේශ වලද, නැගෙනහිර පළාතේ කල්කුඩා ප්රදේශයේද නැවත ඌව පළාතේ වැලිමඩ හා හපුතලේ ප්රදේශ වල පැවති ජන රැළි වලට සහභාගී වූ අතර අද දින නැවත යාපනයේදී දේශපාලන හමුවීම් වලටද සහභාගී විය.