මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ (05) දිවයිනට පැමිණ තිබෙනවා.
මීට දින කිහිපයකට පෙරයි ඔවුන් මුදවා ගෙන ඇත්තේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේයි.
මෙරට තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මෙසේ එම කඳවුරේ සිටි අතර, මීට පෙර ඉන් 8 දෙනෙකු මුදවා ගැනීමට හැකිවුණා.
එහෙත් තවත් පිරිසක් තවමත් එම වහල් කඳවුරේ සිරව සිටිනවා.