වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය කියයි.
මහව වනජීවි කාර්යාල බළප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ගුාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත් 4 දින රාත්‍රි කාලයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැණුමිදීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 5 දින පෙරවරුවෙි ගොඩගෙන ජීවිත දානය පිරිනමා ඇත.
වගාලිඳෙන් ගොඩගත් වන අලි පැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසු පස පැන්නීම නිසා වන ජීවීනිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර ඇත.
අලි ඇතුන් ගැන වගේම තවත් පුවත් එසැණින් දැනගන්න අපේ WhatsApp Channel එකට එකතු වෙන්න.