By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද
දේශපාලන

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

Last updated: September 5, 2024 9:21 am
2 Min Read
Share

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය.

ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදි අවස්ථාව ලබා දී තිබුණි. 

අද සහ හෙට (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා හෙට දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින්  ව්‍යාජ ලෙස තැපැල් ඡන්ද  ප්‍රතිඵල බව පවසමින් තොරතුරු වාර්තා කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

ප්‍රතිඵල නිකුත් කරනවා සමහර සමාජ මාධ්‍යජාල. අපට ලැබිලා තියෙනවා පුද්ගලයෙකු දාපු පෝස්ට් එකක්. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවටත් අදාළ තැන්වලටත් දැනුවත් කිරීම් සිදුකළා. මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම, සාධාරණ මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා චේතනාන්විතව කරන ක්‍රියාවක් කියලා තමයි පෙනි යන්නේ.

මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකරන්නේ සාමාන්‍ය ඡන්ද ගන්න කිරීම සිදුකරන දවසේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව තමයි. එම නිසා මහජනතාවට වැරදි මතයක් ගෙන යාමට කඩාකප්පල්කාරී ක්‍රියාවක් තමයි මේ සිදුකරන්නේ. ඔවුන් ඔවුන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට වඩා එයට අගතියක් සිදුකිරීම තමයි කරන්නේ. එම නිසා මෙවැනි වැරදි තොරතුරු ජනගත කරන්න සමාජ මාධ්‍යජාල සහ මේ මත පදනම් වෙලා තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති වලට මෙය භාවිත නොකරනු ඇති බව විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරලා තියෙනවා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Election CommissionPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?