By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය
දේශීය

හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය

Last updated: September 4, 2024 1:25 pm
3 Min Read
Share

ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ආනයනික ඛාද්‍ය තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව පවතින ගැටලු සහගත තත්ත්වයත් නිසා ඒවා නියාමනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

විශේෂයෙන් මෙරටට ආනයනය කරන ඛාද්‍ය තෙල්වලට පොල්තෙල් මිශ්‍ර කිරීම මෙන්ම පිරිපහදු කර වෙළෙඳපලට යොමු කිරීමද සිදු වේ. නමුත් මෙම ආනයනික පොල්තෙල් හා අනෙකුත් ඛාද්‍ය තෙල්වර්ග මෙන්ම අප රටේ නිෂ්පාදිත පොල්තෙල්වල ද ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

මේ නිසා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළෙද, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක නිරීක්ෂණ සහිතව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේය.

දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000කි. ඉන් මෙට්‍රික් ටොන් 40,000ක් දේශියව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණය ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළෙඳපලට සැපයීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මකය.

මේ නිසා පාරිභෝගිකයින්ට සත්‍ය ‌පොල්තෙල් හඳුනාගැනීම පිලිබදව ගැටළුවක් පවතී. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මෙරට මධ්‍යම පරිමාණ දිනකට පොල්තෙල් මෙට්‍රික් ටොන් 0.5ක් දක්වා නිෂ්පාදනය කරන සියලුම පොල්තෙල් කර්මාන්ත ශාලා පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

එමෙන්ම එම කර්මාන්ත ශාලා යහපත් නිෂ්පාදන පිළිවෙත් (Good Manufacturing Practices) තහවුරු කළ යුතුය. එම සහතිකය ලබා ගත් පසු වෙළෙඳපලට සැපයෙන අදාල සියලු නිෂ්පාදන සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් සහතික ලාංඡනයක් ලබා දීමට කටයුතු කෙරේ.

පොල්තෙල්වලට වෙනත් තෙල්වර්ග මිශ්‍ර නොකිරීම සම්න්ධ ගැසට්පත්‍රයේ විදිවිධාන අනුගමනය නොකරන ඛාද්‍ය තෙල් ආනයනයකරුවන්, පිරිපහදුකරන්නන්, අසුරන්නන්, තොග රැස්කර තබන්නන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් නියාමණය කිරීමේ බලතල පොල් සංවර්ධන අධිකාරියට පැවරෙයි.

තාල වර්ගයට අයත් ආනයනික තෙල්වර්ගවල ප්‍රමිතිය පිලිගත් රසායනාගාර මගින් තහවුරු කිරීම කළ යුතුය. එමෙන්ම පොල්තෙල් හා අනෙකුත් තාල වර්ගයට අයත් ශාකවලින් ලබා ගන්නා ඛාද්‍ය තෙල්වර්ග අලෙවි කරන සියලුම සිල්ලර වෙළෙඳසැල් ද පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුය.

පොල්තෙල් ආනයනයේ දී ආනයනය කරන ප්‍රමාණය හා ප්‍රමිතිය නියාමණය කිරීමේ බලය ද පොල් සංවර්ධන අධිකාරියට පැවරේ.

දැනට වෙළෙඳපළේ අලෙවි කරන පොල්තෙල් හා අනෙකුත් ඛාද්‍ය තෙල්වර්ගවල ප්‍රමිතිය සම්බන්ධව පවතින ගැටළු සහගත තත්ත්වය මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය හා ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Coconut OilImportedLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?