මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ඇරැඹිණි.
හෙට(05) සහ අනිද්දා (06) දෙදිනද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.