By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සියලුදෙනාගේ ආදායම් වැඩිකිරීම මගේ අපේක්ෂාවයි – ජනපති
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > සියලුදෙනාගේ ආදායම් වැඩිකිරීම මගේ අපේක්ෂාවයි – ජනපති
දේශපාලන

සියලුදෙනාගේ ආදායම් වැඩිකිරීම මගේ අපේක්ෂාවයි – ජනපති

Last updated: September 3, 2024 7:28 pm
4 Min Read
Share

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. 

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එය භාර දෙනු ලැබීය.

අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූල බවත් 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත් ය.

ඒ අනුව මූලික වැටුප් 24%  සිට 50%ත් 60%ත් දක්වා වූ පරාසයකින් වැඩිවීමට නියමිතය.

වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්  වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජුනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

2024 වසරේ සිදුවූ ආර්ථික දියුණුව සමඟ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වුණා. ඒ අනුව මෙම නිර්දේශ අනුව ක්‍රියා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාළ කමිටු වාර්තාවෙන් යෝජනා කර තිබෙන අන්දමට සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීමටයි

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා,

සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් අප විසින් සකස් කළා. 
විශේෂයෙන් මූලික වැටුප 24% සිට 50%ත් 60% දක්වා වු පරාසයකින් වැඩි වෙනවා. ආරම්භක වැටුප රුපියල් 30,000ක් ලෙස මෙයට පාදක කරගත් අතර, 1 ට 6 යන අනුපාතය අනුව මෙම මූලික වැටුප සංශෝධනය කෙරෙනවා. ඒ අනුව  මිලියන 1.5කට ආසන්න රාජ්‍ය සේවකයන් සහ එයට අනුරූපීව විශ්‍රාමිකයින්ටත් මෙම වැටුප් වැඩිවීමේ වාසිය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන්ට වගේම විශ්‍රාමිකයන්ටත් ලබාදෙන ජීවන වියදම් දීමනාව 50%ක් ලබාදීමට නිර්දේශ කළා.

මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම වැඩපිළිවෙළ 2025 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය සේවයේ කළ යුතු තවත් සංශෝධන සහ ප්‍රතිසංස්කරණ රාශියක් අප යෝජනා කර තිබෙනවා. ඉදිරි වර්ෂවල මේ ප්‍රතිසංවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් විශිෂ්ට රාජ්‍ය සේවයක් රට තුළ නිර්මාණය කළ හැකියි. ඒ තුළින් විශිෂ්ඨ මහජන සේවාවක් සලසමින් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රණයට හැකියාව ලැබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස  ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලැබීය.

මාස 03ක් ඇතුළත අදාළ අවසන් වාර්තාව ලබාදීමට කමිටුවට නියම කෙරුණු අතර කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:Government ServicePoliticalRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?