බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් 2-0 ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා.
බංගලාදේශය පාකිස්තානයට එරෙහිව ටෙසට් තරඟාවලියක් ජය ගත්තේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පලමු තරගය කඩුලු 10 කින් ජය ගැනීමට බංගලාදේශය කණ්ඩායම සමත්වුනා.
දෙවන තරගයේදීද පලමුව පන්දුව පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සිය පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 274ක් ලබා ගත් අතර බංගලාදේශ කණ්ඩායම පලමු ඉනිමට ලබාගත්තේ සියල්ලන් දැවී ලකුණු 262 ක් පමණි.
දෙවෙනි ඉනිම ක්‍රීඩා කල පාකිස්ථන කණ්ඩායම සියල්ලන් දැවී ලබාගත්තේ ලකුනු 172ක් පමණි.
ලකුණු 185ක පහසු ඉලක්කයක් හඹා යාමට දෙවෙනි ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබාගෙන තරගාවලිය ජය ගැනීමට සමත්වුනා.
මේ තරගාවලි ජයග්‍රහනයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට බංගලාදේශ කණ්ඩායමට හැකිවුනා.