By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනපති හැර වෙන කිසිම අපේක්ෂකයෙක් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් දී නෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනපති හැර වෙන කිසිම අපේක්ෂකයෙක් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් දී නෑ
දේශපාලන

ජනපති හැර වෙන කිසිම අපේක්ෂකයෙක් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් දී නෑ

Last updated: September 3, 2024 11:21 am
5 Min Read
Share

වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැඳවා වැටුප් විෂමතාව ඉවත් කරන බව එක් එක් පක්ෂවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් පැවසුවද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඒ ගැන කිසිම සඳහනක් නැතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම අපේක්ෂකයකු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය සේවක වැටුප් විෂමතාවට විසඳුමක් ඉදිරිපත් කර නැතැයි ද හෙතෙම කොළඹදී පැවැති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක් වෙමින් ඊයේ (02) පැවසුවේය.

ප්‍රධාන අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. අපි අවම වැටුප් පනස් පන්දාහයි කියපුවම, සජබ කියනවා පනස් හත්දහසයි කියලා. හැබැයි ඒ අයගේ පරාසය පෙන්වන්නේ නෑ. මේ අය වගේ අතාර්කික උපමාණයක් නැති මාර්ගෝපදේශයක් නැති වැඩපිළිවෙළක නෙමෙයි අපි ඉන්නේ. වැටුප් විෂමතාවයට විසඳුමක් කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඉදිරිපත් කරලා නැහැ. අපේ මෙහෙයුම ප්‍රතිපත්ති ප්‍රකාශනය දාන්න ඕන නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයට පෙරාතුවයි කමිටු වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත්තෙ. ඒක නිසා අපිට ආයෙමත් ප්‍රතිපත්තියකට මේක දාන්න ඕන නැහැ. ප්‍රතිපත්ති දාලා තියෙන්නේ බදු සහන දීම ගැන පමණයි. අද ප්‍රධාන පෙළේ අපේක්ෂකයින්ගේ පක්ෂවල වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැඳවලා විෂමතාව ඉවත් කරනවා කිව්වට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ගැන කිසිම දෙයක් නැහැ. අවුරුදු දෙකකින් අපි රටේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනාවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයගෙන් ඇමැතිවරයා විදියට මම ඉල්ලීමක් කරනවා ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වා ගෙන යන්න කියලා. ගුරුවරුන්ට මොඩියුලර් ක්‍රමය මත වැටුප් වර්ධක උසස්වීම් දීම වෙනුවට සරල ක්‍රමයක් හඳුන්වා දෙන තෙක් 2025 ජුලි දක්වා මොඩියුලර් ක්‍රමය නතර කරන්න කොමිෂම සමඟ එකඟතාවයකට පැමිණි බවද හෙතෙම මෙහිදී කීවේය.

රාජ්‍ය සේවක වැටුප් විෂමතාව ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් කමිටුවක් පත් කර කමිටු උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය තියෙන්නේ අවුරුදු 29ක් තිස්සේ. මේ ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් මෙමඟින් ලැබෙනවා. මෙතන සමස්ත රාජ්‍ය සේවයේම විෂමතාවය ඉවත්කිරීමක් සිදුවෙන නිසා 2025 ජනවාරි පළවෙනිදා සිට මෙය ක්‍රියාත්මක වීමත් සමඟ වෘත්තීය අරගල එන එකක් නැහැ කියලා අපි හිතනවා. ගුරුවරු, විදුහල්පතිවරු ලෙඩ වෙන එකක් නෑ. පන්ති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න අපිට පුළුවන් වෙයි. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අනධ්‍යයන අයට ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙටත් මෙයින් විසඳුම ලැබෙනවා. විසඳුම් දෙනකොට මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. මේ තීන්දුවලට එන්න කමිටුවට විවිධ මූලාශ්‍ර සහය වුණා. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. කමිටුවටත් සාකච්ඡා කරන්න වෘත්තිය සමිතිවලට අවස්ථාව දුන්නා. පරණ වාර්තා සියල්ලම දුන්නා. මේවා ඔක්කොම පරිශීලනය කරලා තමයි කරුණු ටික ගළපලා තියෙන්නේ යැයි ප්‍රකාශ කළේය.

මේ සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය වැඩ කරන්න යෝජනා කරලා තියෙනවා. වැටුප වැඩිවෙනවාත් එක්ක දායකත්ව රක්ෂණ ක්‍රමවේදයක් එනවා. ආණ්ඩුවේ දායකත්වයයි රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දාහක අවම දායකත්වයක් එක්ක රක්ෂණ වැඩ පිළිවෙළක් සියලුම රාජ්‍ය සේවකයින්ට දෙනවා. එතකොට අවුරුදු ගණන් බයිපාස් කරන පෝලිමේ ඉන්න ඕන නෑ. රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රෝහලකින් වුණත් ප්‍රතිකාර ගැනීමේ ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඒ රක්ෂණ ක්‍රමය ඉදිරි කාලයේදී විශ්‍රාමිකයින් සහ අනිත් අයට ලබා දෙන්න කටයුතු කරනවා යැයිද කීවේය.

ජීවන වියදම් දීමනාව රුපියල් 25000කින් වැඩි කරනකොට විශ්‍රාමිකයින්ටත් සියයට පනහක් ලැබෙනවා. ඊට අමතරව විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අතුරුදීමනාවක් දුන්නා විෂමතාවය ගළපන තෙක්. 2020ට පෙර විශ්‍රාම ගත්ත අයගේ විෂමතා ඉවත් කිරීමත් මේකට පදනම් වෙලා තියෙනවා. මේකෙන් දැනට වෘත්තීන් දහයක වැටුප් වැඩිවීම ප්‍රකාශ කරලා තියෙනවා.

උදාහරණ විදියට කාර්යාල කාර්ය සහායක තුන් වන ශ්‍රේණියට රුපියල් 5450කින්, දෙවන ශ්‍රේණියට රුපියල් 8760 , පළවෙනි ශ්‍රේණියට 10950කින්, විශේෂ ශ්‍රේණියට 13980කින්. රියැදුරන්ටත් එහෙමයි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ තුන්වන ශ්‍රේණියට රුපියල් 8340, දෙවැනි ශ්‍රේණියට 11609, පළවෙනි ශ්‍රේණියට 15685ක් වැඩිවෙනවා.

වැඩිම පිරිසක් ඉන්න කළනොකරණ සහකාර ක්ෂේත්‍රයේ තුන්වන ශ්‍රේණියට රුපියල් 10140, පළවෙනි ශ්‍රේණියට 17550 කින් වැඩිවෙනවා. බඳවා ගත් සංවර්ධන නිලධාරීන් 52000න්, 23000ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට දාලා 16000ක් ඉතුරුයි. ඔවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතයි.

ඔවුන් උපාධිධාරින් නිසා සියලුම සංවර්ධන නිලධාරීන් තුන්වන ශ්‍රේණිය 12710කින්, පළවෙනි ශ්‍රේණිය 25150කින් වැටුප් වැඩිවෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ගේ තුන්වන ශ්‍රේණියේ 12885කින්, පළවෙනි ශ්‍රේණිය 25275කින් කින් වැඩිවෙනවා. විකිරණවේදීන් හා ඖෂධවේදීන්ගේ පළවෙනි ශ්‍රේණිය 25720කින් වැඩිවෙනවා. හෙද නිලධාරීන් පළවෙනි ශ්‍රේණිය 26165කින් වැඩිවෙනවා. වෛද්‍යවරුන්ගෙත් ඒ අනුව වැඩිවෙනවා. විදුහල්පතිවරුන්ගේ තුන්වන ශ්‍රේණිය 23425 දෙවන ශ්‍රේණිය 29935ක්. පළවෙනි ශ්‍රේණිය 39595ක්. විද්‍යාපීඨ ගුරුවරුන් 17480ක්, උපාධි ගුරුවරුන්ගේ 19025කින් වැඩි වෙනවා. ගුරු සේවයේ තුන ශ්‍රේණිය 20425, තුන්වන ශ්‍රේණිය 38020කින් වැඩි වෙනවා.

මේකෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විතරක් නෙවෙයි, ඊට ඉහළින් තියෙන ගුරු උපදේශක, අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සේවයේත් සමානුපාතිකව වැඩි වීමක් වෙනවා. හැමෝටම සාධාරණයක් වෙනවා. ඉදිරියේදී සෙසු වෘත්තීන් සඳහාත් වැටප් වැඩිවීම හා විෂමතා ඉවත්වීම කමිටුව මඟින් ප්‍රකාශයට පත් කරයි. මේ සඳහා රුපියල් බිලියන 250ක් වැයවන බව ගණනය කරලා තියෙන බවද කීය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?