ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර ඉන්ඩිගෝ එයාර් ලයින් (Indigo Airlines) ගුවන් සේවය ඊයේ (01) ආරම්භ කළ අතර, පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52ක් යාපනය වෙත පැමිණ තිබෙනවා.
එසේ පැමිණි ගුවන් යානය සාම්ප්රදායන්ට අනුකූලව ජල ප්රහාරවලින් ගුවන් තොටුපලේදී පිළිගත් අතර, මගීන් සියලු දෙනාද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ට යාපනයේ පාරම්පරික ආහාර පානවලින් සංග්රහ කර තිබෙනවා.
මෙම ගුවන් සේවය මගින් රුපියල් 44,500කට ඉන්දියාව හා යපනය අතර යාමට හා ඒමට ගුවන් ප්රවේශ පත්ර ලබා ගත හැකියි.
එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කර ඇති බව සඳහන්.
ඊයේ දිනයේ දී යාපනයේ සිට චෙන්නායි දක්වා මගීන් 74ක් පිටත්ව ගොස් තිබෙනවා.
චෙන්නායි සිට පස්වරු 1.55ට පිටත්වන මෙම ගුවන් යානය පස්වරු 3.10ට යාපනයට ළගාවෙන අතර, අනෙක් ගුවන් වාරය පස්වරු 3.55ට යාපනයෙන් පිටත් වී පස්වරු 5.10ට චෙන්නායි වෙත ළගාවෙනවා.
