By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රාජ්‍ය සේවක වැටුප ඉහළ යන්නේ මෙහෙමයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රාජ්‍ය සේවක වැටුප ඉහළ යන්නේ මෙහෙමයි
දේශපාලන

රාජ්‍ය සේවක වැටුප ඉහළ යන්නේ මෙහෙමයි

Last updated: September 2, 2024 7:06 pm
4 Min Read
Share

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

*කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5,450 සිට රු.13,980 දක්වා

*රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා

*සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම
පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා

*කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා

*සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා

*මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා

*විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා

*හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා

*විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා

*ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා

*පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා

*ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා

*පරිපාලන සේවය සඳහා රු.28,885 ක්

*නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්

*ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්

*වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා

*වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර

*රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

එසේම රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු වේ.

කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැඩිවීමක් හිමි වනු ඇත.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalSalarySri LankaState ServiceTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?