ආණ්ඩු කරන්න දක්ෂයෝ නැති තැනක සම්පූර්ණයෙන් රට බිදෙනවා, පසුගිය පාර ගෝඨාභය නිසා වෙච්ච දේ යළි තඹුත්තේගම දෙවන ගෝඨාභය නිසා සිදු කරගන්නවා ද යන්න මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න ප්‍රශ්ණ කර සිටිනවා.
ඇය මේ බව පැවසුවේ කොළොන්නාවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින්.
එහිදී ඇය පවසා සිටියේ ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන 15 ක් හදන්න යෝජනා කර තිබෙන බවයි.
නමුත් ඔවුන් අනෙක් පැත්තෙන් පවසන්නේ රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියන නමුත් මෙය හරියට ජේවීපී සහ එන්.පී.පී. වගේ බවත් එය වම් අත කියන්නේ කරන්නේ මොකක්ද කියලා දකුණු අත දන්නේ නැ වගේ බව මන්ත්‍රීනි රෝහණී කවිරත්න කියා සිටියා.
ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඔවුන් රාජ්‍ය පාලනය ගැන පොතේ දැනුම මිසක් කිසිම ප්‍රායෝගික දැනුමක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තිබෙන බව ඇය අවධාරණය කර සිටියා.
සමස්තයක් විදිහට රට ගැන කිසිම අවබෝධයක් නැතිව, රාජ්‍යකරණය ගැන කිසිම අවබෝධයක් නැති හුදෙකලා ආචාර්ය මහාචාර්ය කණ්ඩායමක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත්තේ බවත් එහි දේවල් කලොත් රට ආය බංකොලොත් වෙන එක වලක්වන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න වැඩිදුරටත් කියා සිටියා.