ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියයට එකකින් ඉදිරියෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
වෝල් ස්ටී්‍රට් සගරාව සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව කමලා හැරිස් සියයට 48 කින් ඉදිරියෙන් පසුවන අතර, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ සියයට 47 ක් පමණයි.
කෙසේ වුවත් මෙම ප්‍රතිශතය 2.5 කින් පමණ ඉහළ හෝ පහළ යා හැකි බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.
ජනාධිපති ජෝ බයිඩ්න් ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වූ කාලයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසු වුවද කමලා හැරිස් මැතිවරණ සටනට ඉදිරිපත්වීමත් සමග ඩිමොක්‍රටික් පාක්ෂකයින්ගේ ඇති වු උනන්දුව හේතුවෙන් ප්‍රතිඵල තීරණාත්මක විය හැකි බවද එහි සඳහන්.