By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දරුවන් රජයේ විශ්ව විද්‍යාලවලට එන්න බය කලේ ජවිපෙ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > දරුවන් රජයේ විශ්ව විද්‍යාලවලට එන්න බය කලේ ජවිපෙ
දේශපාලන

දරුවන් රජයේ විශ්ව විද්‍යාලවලට එන්න බය කලේ ජවිපෙ

Last updated: September 2, 2024 1:01 pm
2 Min Read
Share

රජයේ විශ්ව විද්‍යාල වලට නවක වාදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමින්.

එහිදී ඔහු කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බවටත් ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී පාඨලී චම්පික රණවක

නවක වදය කියලා ලිංගික වද හිංසා වලින් පටන් අරන් තිරස්චීන වද ක්‍රියාවලියක් විශ්ව විද්‍යාල වලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. මොකද උනේ? පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මහා ජාලයක් ඇති වුණා. රජයේ විශ්ව විද්‍යාලයට දරුවා යවන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ පුද්ගලික විශ්ව විද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අනුර දිසානායක මහත්තයලා. විශ්ව විද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒගොල්ලෝ. දරුවන්ට ලැබිච්ච එක ම දේ කඳුළු ගෑස් පමණයි. මොකද ඒවයි වද වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි. දැන් මොකද කිව්වේ? හැම පුද්ගලික විශ්ව විද් යාලයටම විරුද්ධ වුණා. මම කියනවා පුළුවන් නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්ව විද්‍යාල ටික පෙන්නන්න කියලා රජයේ විශ්ව විද්‍යාලය. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇරියේ. පුළුවන් නම් කියන්න මගේ දරුවෝ මෙතන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාලයේ ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න

යැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSJBSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?