පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන රණවිරු සැමරුම අදට (01) යෙදී තිබෙනවා.
ඒ අනුව එහි ප්රධාන උත්සවය අද පෙරවරුවේ පැවැත්වෙන්නේ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේදියි.
ඊට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
1984 වසරේ අද වන් දිනක, උතුර ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.
එම සිදුවීම සිහිකරමිනුයි මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කෙරෙන්නේ.