By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ත්‍රීකුණාමලය වරාය හිස්ව තැබීමේ ජාතික වරද නිවැරදි කරනවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ත්‍රීකුණාමලය වරාය හිස්ව තැබීමේ ජාතික වරද නිවැරදි කරනවා
දේශපාලන

ත්‍රීකුණාමලය වරාය හිස්ව තැබීමේ ජාතික වරද නිවැරදි කරනවා

Last updated: September 1, 2024 12:22 pm
2 Min Read
Share

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතු අතර ඒ වෙනුවෙන් අපි නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන ඔහු පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපතිවරයා “ආසියාවේ ලොකුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම මගින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ද දියුණු කිරීමට අප කටයුතු කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?