ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය හෙට (02) අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.
එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත බවය.
එහි පළමු අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇති අතර දෙවන අදියර 8 වනදාද තෙවන අදියර 09 වනදාද පැවැත්වීමට නියමිත අතර ජනාධිපති ධුර අපේක්ෂකයින් බොහෝ දෙනෙකු මීට සහභාගීවීමට නියමිතය.
එම විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස ප්‍රශ්න යොමුකරන ප්‍රශ්න බාරගැනීම හෙට (02) දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගූගල් පෝරමය : https://bit.ly/PresidentialDebate2024 සහ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/march12movement හරහා එම ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවට අවස්ථාව හිමිව ඇති බව මාර්තු 12 ව්‍යාපාරය මාධ්‍ය වෙත යොමු කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.