ඉතිහාසයේ ගෙවුණු වසර 75 තුළ මෙරට කිසිදු දියුණුවක් ඇති නොවූ බව හිටපු අමාත්‍යවරයෙකු ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට කිව නොහැකි බව ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මහරගමදී පැවැති තරුණ සමුළුවකට එක් වෙමින්.
පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව අද(30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණා.
ඒ ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.
වසර 2050 වන විට මෙරට දළ දේශීය නිශ්පාදනය ඩොලර් බිලියන 350ක් කිරීම තම් අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහජන පක්ෂ මහ සමුළුවට කුරුණෑගලදී එක්වෙමින්.
ශ්‍රි ලංකා මහජන පක්ෂයේ මහ සමුළුව අද කුරුණෑගලදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.