මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 8ක ණය මුදලක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම මේ වනවිට බංග්ලාදේශය ඩොලර් බිලියන 100කට අධික විදෙස් ණය ලබාගෙන ඇති අතර, එම ණය ආපසු ගෙවීම සඳහා IMF වෙතින් ඩොලර් බිලියන 03ක් සහ ගංවතුර අපදා වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බවයි වාර්තා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට IMF කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේදී ඩකා වෙත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
ෂීක් හසීනාගේ පාලන කාලය යටතේ, 2023 ජනවාරි මාසයේදී අනුමත කරන ලද ඩොලර් බිලියන 4.7ක ණය මුදලේ කොටසක් ලෙස IMF විසින් බංග්ලාදේශයට ඩොලර් බිලියන 2.3ක් නිකුත් කර තිබුණා.
ආර්ථික අර්බුධයන් සමග කටයුතු කිරීම සඳහා මුහම්මද් යුනුස්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, Japan International Cooperation Agency (JICA) සහ Asian Infrastructure Investment Bank (AAIB) වෙතින් ඩොලර් බිලියන 5ක අරමුදල් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.