By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආදායම් බදු නිලධාරීන් සේ පෙනී සිටි යුවළක් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ආදායම් බදු නිලධාරීන් සේ පෙනී සිටි යුවළක් අත්අඩංගුවට
දේශීය

ආදායම් බදු නිලධාරීන් සේ පෙනී සිටි යුවළක් අත්අඩංගුවට

Last updated: August 30, 2024 4:09 pm
2 Min Read
Share

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නිලධාරිණියන් ලෙස පෙනී සිටිමින් අලුත්ගම හා දර්ගා නගරයේ ව්‍යාපාර ස්ථානවලින් වංචා සහගතව මුදල් ගැනීමට උත්සාහ කළ යුවළක් කොටු කරගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා අලුත්ගම පොලිසියට විසින් අත්අඩංගුවට ගත්තා.

සුදු පාට වෑන් රථයකින් පිරිස සමග අලුත්ගමට හා දර්ගා නගරයට හයදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

එම කණ්ඩායමේ දෙදෙනෙකු 29 දින පස්වරුවේ දර්ගා නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට පැමිණ ආදායම් බදු ලිපිගොනු හා ව්‍යාපාර ලියාපදිංචිය පරික්ෂා කර තිබෙනවා.

ඒවායේ අඩුපාඩු තිබෙන බවත් ඉන් මිදීමට නම් ලක්ෂ ගණනක මුදලක් අවශ්‍ය බව පවසා ඇති බවයි පැමිණිලිකරුවන් අලුත්ගම පොලිසියට පවසා ඇත්තේ.

මෙම දෙදෙනා ගැන සැක සිතූ දර්ගා නගරයේ ව්‍යාපාරිකයන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර පසුව සැකකරුවන් අලුත්ගම පොලිසියට භාරදී තිබුණා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කලගෙඩිහේන, නිට්ටඹුව පදිංචි 50 හැවිරිදි සැකකරුවෙක් හා තලවත්තේ ගෙදර, පොතුහැර පදිංචි සැකකාරියක්.

එම අය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්ගෙන් විමසීමේදී එවැනි අයවලුන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට සම්බන්ධ නැති බවයි පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබූ රාජකාරි හැඳුනුම්පත ව්‍යාජ එකක් බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මුදල් ලබාදුන් හා මුදල් ඉල්ලූ බවට ලැබුණු පැමිණිලි මත අලුත්ගම හා දර්ගා නගරයේ ව්‍යාපාරික ආයතනවල ප්‍රකාශ සටහන් කරගෙන සැකකාර යුවළ අද (30) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් සමග පැමිණි සෙසු කාන්තාවන් හා පිරිමින් දෙදෙනා වෑන් රථයත් සමග පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

TAGGED:ArrestedLocalPoliceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?