ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ රාජකාරි සඳහා 54,000ක පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ප්‍රකාශ කළා.
ඒ, කොළඹ ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන මස 4, 5 සහ 6 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව ලබන 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් නිලධාරීන් විසින් ඡන්දය සළකුණු කිරීම සිදු කරන අතර 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසු රාජ්‍ය ආයතන නිලධාරින් විසින් ඡන්දය සලකුණු කිරීම සිදු කරනු ඇති.
මෙවර ලියාපදිංචි සමස්ත තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාව හත් ලක්ෂ දොළොස්දහස් තුන්සිය දහනවයක්.