By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් ජනපති හමු වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් ජනපති හමු වෙයි
දේශීය

ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් ජනපති හමු වෙයි

Last updated: August 29, 2024 7:49 pm
2 Min Read
Share

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සනිටුහන් කර තිබේ. එහිදී ඔහු විසින් බේරුවල, අම්බලන්ගොඩ්, මිරිස්ස, හිරිකැටිය, රන්න, හම්බන්තොට, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, නින්දවූර්, චෙන්කලඩි, නිලාවේලි, මුලතිව්, පරන්තන්, පේදුරුතුඩුව, චුන්නාක්කම්, මන්නාරම, මැදවච්චිය, අනුරාධපුර, පුත්තලම, මාරවිල, මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබේ.

එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීමයි.

ඔහු මෙම චාරිකාව තුළදී තමා ගමන් කරන ස්ථාන පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි. ඒ හේතුවෙන් ඔහුට දෙස් විදෙස් විශාල පිරිසකට මෙරට සංචාරක අකාර්ෂණීය ස්ථාන පිළිබඳ දැනගැනීමටත් එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ප්‍රචාරණයක් ලබාදීමටත් කටයුතු කර තිබේ.

මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කළ අතර ඔහුට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalRanil WickramasingheShahmy ShaheedSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?