ලබන මස නිකුත් කිරීමට නියමිත iOS 18 යාවත්කාලීන කිරීම සමග විශාල වෙනස් රැසක් iPhone පරිශීලකයන්ට හිමිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මෙමගින් හිමිවන ප්‍රධනතම වෙනස්කමක් ලෙස ‘Apple ID’ වෙනුවට ‘Apple Account’ ලෙස නැවත සන්නාමගත වීමයි.
එහි නම හැර වෙනත් කිසිදු බරපතල වෙනස්කම් සත්‍යවශයෙන්ම සිදු නොවනු ඇතයි වාර්තා වන්නේ.
නමුත් මෙමගින් වයස්ගත පරිශීලයන් හට යම් යම් අපහසුතා සහ ඔවුන් විවිධ වංචාවන්ට හසු වීමට ඉඩ ඇති බවයි විශේෂඥයන් පවසන්නේ.
තවද යෙදවුම් අයිකන(app icons) වල පෙනුම වෙනස් කර “අඳුරු මාදිලිය’ ට (dark mode) හැරවීමට හැකියාවක් ලබා දී ඇත.
එමෙන්ම මුල් තිරය(home screen) , අගුළු තිරය(lock screen) සහ control center හි වෙනස්කම් රාශියක් සිදු කර ඇති අතර හඳුන්වාදුන් Apple Intelligence සේවාව මෙම යාවත්කාලීන කිරීම මගින් තවත් වැඩිදියුණු කර තිබෙන බවද සඳහන්.
මීට අමතරව තවත් වෙනස්කම් බොහෝමයක් මෙම යාවත්කාලින කිරීම මගින් iPhone පරිශීලකයන්ට හිමිවනු ඇති.
මෙම iOS 18 යාවත්කාලීන කිරීම iPhone SE (2 second generation) සිට iPhone 15 වන තෙක් නිකුත් වූ සෑම iPhone එකක් සඳහා හිමිවන Apple සමාගම සඳහන් කර සිටිනවා.