වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.
මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටයි මින් පෙර තීරණය කර තිබුණේ.
මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
නමුත් දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සලකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.