ජාතික ජනබලවේගය ඊයේ (26) දින “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” තිපත්ති ප්‍රකාශය එලිදැක් වු අතර එහි ප්‍රජාතාන්ත්‍රීත ආර්ථීකයක් පොහොසත් රටක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන සම්බන්ධයෙන් දක්වා ඇත්තේ IMF සමඟ යෝජනා නැවත සමාලෝචනය කිරීමක් සිදු කරන බවය.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) රටට අහිමි වන බවය.
IMF යළි සාකච්ඡා කිරීමට හෝ යෝජනා නැවත සමාලෝචනයක් සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව දන්වා ඇති මොහොතක ජාතික ජනබලවේගය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙවැන්නක් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්ණ සිටි.