By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මේ මැතිවරණයේදී තීන්දු වෙන්නේ මේ රටේ ආර්ථිකය ආපසු 2022 ටත් පහළ තැනකට ගෙනියනවද? ප්‍රගතිය එතනින් ඉදිරියට ගෙනයනවද? යන්නයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මේ මැතිවරණයේදී තීන්දු වෙන්නේ මේ රටේ ආර්ථිකය ආපසු 2022 ටත් පහළ තැනකට ගෙනියනවද? ප්‍රගතිය එතනින් ඉදිරියට ගෙනයනවද? යන්නයි
දේශපාලන

මේ මැතිවරණයේදී තීන්දු වෙන්නේ මේ රටේ ආර්ථිකය ආපසු 2022 ටත් පහළ තැනකට ගෙනියනවද? ප්‍රගතිය එතනින් ඉදිරියට ගෙනයනවද? යන්නයි

Last updated: August 26, 2024 4:34 pm
11 Min Read
Share

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස එළි දක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජිවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (2024.08.26) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

දේශපාලන පක්ෂ රට ඉදිරියට ගෙනියන තමන්ගේ ප්‍රතිපත්ති එළිදක්වමින් ජනතාව බලන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහපොළොව යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් විතරයි. කියන්න කණගාටුයි.

ඒ අය විවිධ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කියනවා. දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය ක්‍රියාත්මක නොකළ දෙයක් තියෙනවාද කියලා මම බැලුවා.

මේ තරම් කොපි කරලා, අනුන් කරන දෙයක් තමන්ගෙ දෙයක් හැටයට හුවා දක්වන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ බංකොළොත් වුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙන් අපි දැනට කරගෙන යන සියලු දේ සඳහන් වෙනවා. ලෝකයේ හැම රටකම බලාපොරොත්තු වෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක්. දැන් හොඳ ජීවිතයක්, ලස්සන රටක් හදන්න යන්නේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු කණ්ඩායම.

1971 ඉඳලා ජනතාව පොහොසත් වෙනවට, හොඳ ආර්ථිකයක් සහිත රටක් බවට පරිවර්තනය වෙන්න ඉඩක් නොතිබ්බේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අය කඩාවැටුණු ආර්ථිකයක් රටේ නිර්මාණය කරන්න දායක වුණා.

2022 සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කරලා ණය හිමියන් සමඟ ණය ගෙවන්න පුළුවන්, කොන්දේසි සහිත පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලකට ඇතුළත් වුණා. 1971,88 – 89 යුගයේ වගේම 2022 අරගල කාල පරිච්ඡේදයේ ආර්ථිකය කඩාවට්ටන්න උපරිම උත්සාහ කරලා, ජනතාවට අසීරු කාලපරිඡ්චේදයක් හදන්න දායක වුනා. පාර්ලිමේන්තු ගිනි තියල, ඒ අමාරුකම් ඉදිරියට ගෙනියන්න බැලුවා.

එහෙම කරගන්න බැරි වුණාම පාර්ලිමේන්තුව ඇතුලේ ඔවුන්ගේ නියෝජිතයින් තුන්දෙනෙක් මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පරාජය කරන්න පුළුවන්ද බැලුවා.

හැබැයි ඔවුන් අද පිළි අරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිය සහ අපේ රජය අනුගමනය කරපු වැඩපිළිවෙළ හරි කියලා. මොවුන් යෝජනා කරනවා ආදායම් බදු නිදහස් සීමාව වැඩි කරන්න.

බදු නිදහස් සීමාව වැඩි කරලා රටේ බදු ආදායම අඩු කරලා, නැවත 2022 ඇතිවුණු අර්බුදයට රට ගමන් කරවන්නයි මේ හදන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන රාමුව තුළ යම් වෙනසක් සිදුවෙනවා නම්,බදු කපා හැරීමක් වෙනවා නම්, ආසන්න වශයෙන් මෙතනම අවම වශයෙන් රුපියල් බිලියන 65ක ආදායමක් රජයට අහිමි වෙනවා.

මේ ආදායම නැවත අය කරගන්න විකල්ප ක්‍රියාමාර්ග සඳහන් වෙන්නේ නෑ. මේ රටේ බදු ප්‍රතිපත්තියත්, රාජ්‍ය ආදායම සම්බන්ධ ප්‍රතිපත්තියත් එකට ගමන් කළ යුතුයි. අපේ රටේ රාජ්‍ය ආදායම වැටෙන්නේ 8.2% දක්වා 2022 කඩා වැටීම තුළ. ආර්ථිකය 7.8% හැකිලුනා. ඒ හැකිලුණු ආර්ථිකය නැවත ප්‍රසාරණය වෙන්න කාර්තු හයක් ගත වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, අපිට ණය දුන් රටවල් සහය ඇතිව රට මෙහෙයවලත් සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න කාර්තු හයක් ගත වුණා.

මේ නැවත යෝජනා කරන්නේ ධන වූ ආර්ථිකය සෘණ ආර්ථිකයක් කරා ගෙන යන්නද? ඒ නිසයි මේක පැතුම් මල්ලක් විතරයි කියන්නේ . ඒ අය හිතනවා ලස්සන වචන දාපුවම මේ රටේ ප්‍රශ්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ජනතාව රැවටීම සඳහා භාවිතා කරපු වචන මාලාවක් මෙතන තියෙන්නේ. හිස් වැඩසටහනක් සහ ජනතාව රවටන වචන මාලාවක්.

ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරද්දී, ඒකෙන් රටේ ජනතාව පීඩාවට පත් නොවන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නයි මම යෝජනා කළා. මේ හැම ප්‍රතිපත්තියක්ම අවසානයේ රටේ මුදල් ප්‍රවාහයට බලපෑමක් කරනවා එහෙම වුනොත් රාජ්‍ය සේවකයට වැටුප් ගෙවන්න බැහැ. ගොවියාට පොහොර සහනාධාරය දෙන්න බැහැ. විශ්‍රාම වැටුප දෙන්න ක්‍රමයක් නැහැ. ආබාධිත, වැඩිහිටි, වකුගඩු දීමනා දෙන්න බැරිවෙනවා. අධ්‍යාපනය පවත්වාගෙන යන්න බැරිවෙනවා. සෞඛ්‍ය අංශය පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒකට හේතුව ඊට ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් භාණ්ඩාගාරය සතු නොවීමයි. නැවත ගමන් කරන්නේ මුදල් ප්‍රවාහය සම්පූර්ණ අස්ථාවර කරලා 2022 පැවතුණු තත්ත්වයට ගේන්න.

මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් සමාලෝචනයකට යනවලු. අලුත් යෝජනා ඉදිරිපත් කරලා වියදම් කළමනාකරණයක් සිදු කරනවාලු. මේ මොකක්ද කියනනේ. වැඩසටහනක් නැතුව ඔවුන් නිතරම කියන සංශෝධනයකට සාකච්ඡා කරනවා කියලයි කියන්නේ. මෙවැනි සාකච්ඡාවකට එන්න පුළුවන් පදනමක්වත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය දන්නවද කියන එක ප්‍රශ්නයක්.

ණය තිරසරභාවය පවත්වා ගැනීම ගැනත් ඔවුන් කියනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ විශ්ලේෂණය සකස් කරන්නේ අඩු ආදායම් තිබෙන රටවලට ක්‍රමවේදයත්, මැදි ආදායම් රටවල්වලට අනුගමනය කරපු ක්‍රමවේදයකුත් තියෙනවා. මැදි ආදායම් ක්‍රමය අනුගමනය කරපු පළවෙනි රටක් ශ්‍රී ලංකාව. ඒ අනුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන ඉලක්ක කිහිපයක් ලබා දෙන්නේ. 2032 වන විට රාජ්‍ය ණයබරතාවය 128% සිට 95% දක්වා අඩු කර ගැනීම එකක්. දළ මූල්‍යයන අවශ්‍යතාාවය 34.6% සිට 13% ට අඩු කර ගැනීම. විදේශීය ණය සේවාකරණය 9.6% සිට 4.5% දක්වා අඩු කර ගැනීම. යෝජිත පැතුම් මල්ලේ මේ ඉලක්ක සම්පූර්ණ කර ගන්න වැඩපිළිවෙළ මොකක්ද?

මේ ණය තිරසර භාවය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරලා එකඟතාවයන්ට ඇවිත් ක්‍රියාත්මක කරමින් පවතින මොහොතක්. රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ගැන ඔවුන් කතා කරනවා. ආණ්ඩුවේ හැමදේකම කකුලෙන් ඇදපු එකයි කරපු ඔවුන් දන්නේ නැතුව ඇති දැනටමත් ලෝකය පිළිගන්න රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා අවසන්.

ණය කළමනාකරණ ඒජන්සිය ක්‍රියාත්මක කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි සකසමිින් ඉන්නේ. දේශීය, විදේශීය වෙළඳාම සම්බන්ධයෙනුත් කතා කරනවා. විවිධ අංශ වලින් තොරතුරු ගත්තේ කියලා ඒ අය කිව්වත් එහෙම දෙයක් වෙලා නැහැ. මේ තොරතුරු අරගෙන තියෙන්නේ මීට මාසෙකට විතර කලින් නැවත මේ රට කඩා නොවැටෙන ජාතික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කළා ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත නමින්.

මේ තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මම කියපු ප්‍රධාන ඉලක්ක තුනයි, නැවත රට කඩා නොවැටීමට අවශ්‍ය වැඩසටහන පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත්කළා. ඒ නීතිය ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරලා තියෙනවා. අනුන්ගේ දේවල් කොපි කරලා රටක බලය ඉල්ලන්නේ කොහොමද?

ඔවුන් රාජ්‍ය ව්‍යවසායන් ගැනත් කියනවා. මේවා ප්‍රතිව්‍යුහගත කරරද්දි තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් සේවකයෝ පාරට බස්සලා, පාරවල් වැහුවා, ජනතාවට සහන ලබාදීම වැළැක්වුවා.අද රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිිය අනුමත කරලා. කඩා වැටුණු රටක් ශක්තිමත් ආර්ථිකයක් හිමි රටක් බවට පත්කරන්න රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙල නැවත සනාථ කිරීමක් ඔවුන් කර තියෙන්නේ.

සංවර්ධන බැංකුවක් ගැන ඔවුන් කතා කරද්දි විශේෂඥ කමුටුවක් හරහා මූලික ප්‍රාග්ධනය හොයාගැනීම, විදේශීය මුල්‍ය ආයතන එයට සම්බන්ධ කර ගැනීම ගැනත් අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. බැංකු පද්ධතිය ශක්තිමත් කරන්න රුපියල් බිලියන 450ක් පසුගිය අයවැයෙන් වෙන්කළා. ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බැංකු ශක්තිමත් කිරීම සඳහා ඒ වැඩපිළිවෙළම යෝජනා කරනවා. මෙහි අලුත් කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. මම දන්නෑ මෙය සකස් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලද කියලා.

අපි අවස්ථා කිහිපයක සමගි ජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මූල්‍ය අරමුදල පිළිබඳ එක මේසයකට ඇවිත් කතා කරන්න එන්න කියලා කිව්වා. ඒ හැම අවස්ථාවම ඔවුන් මග ඇරියා. දැන් ඡන්දය ඇවිත් තියෙනවා.ජනාධිපතුතුමා ආරාධනා කළා. දැන් සාකච්ඡා කරන්න හොඳ වේදිකාවක් හැදිලා තියෙනවා. අපි බලමු තමන්ට රට පාලනය පිළිබඳ අධිෂ්ඨානයක් සහ දැක්මක් තිබෙනවා නම් පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් මේ සඳහා සහභාගි වෙයිද කියලා. මුදල් ප්‍රවාහය ගෙනියන්න මහා බැංකුවට අවශ්‍ය අයවැය ගැනත් ඔවුන් සඳහන් කළොත් වඩා පැහැදිලි වෙයි.

යථාර්ථය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ වෙනයි. ජනතාව බලාගෙන හිටියා ජේ.වී.පී එකෙන් අලුත් දෙයක්. ඒක අලුත් වෙන්නේ නෑ අලුත් කරන්න බෑ කොච්චර කරත් අර පරණ දහ ජරා වුණ ප්‍රතික්ෂේප වුණු පිළිකුල් කරන තැනටම ගමන් කරනවා. එකම වෙනස ලස්සන වචන භාවිතා කරලා තියෙනවා.

සමග ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි මීට මාස කිහිපයකට කලින් රටේ ආර්ථිකය ස්ථාවර වෙලා රට ආර්ථික වශයෙන් ශක්තිමත් වනවිට වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළා. ඒ වර්ජන රැල්ල ක්‍රියාත්මක කරලා බලාපොරොත්තු වුණේ ජනතාව අපහසුතාවයට පත්කරලා, ජනතාව කුපිත කරලා රජයට විරුද්ධව අරගලයක් පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. අපි 2024 රුපියල් 10000 දීමනාවක් වැඩි කරලා තියෙනවා. නැවත දීමනා වැඩි කරන්න තියෙන්නේ 2025 දී.

අවුරුදු දෙකක කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතා සහ සාකච්ඡා ඇතිව සැලසුමකට අනුවයි ගෙනගියේ. ඒ අනුවයි ජීවන වියදම් දීමනාව 25000 දක්වා වැඩි කරන්න යෝජනා කළේ. වැටුප් තල පිළිබඳවත් මේ අයට අවබෝධයක් නැහැ. ජනාධිපතිවරයා විද්‍යානුකූල ක්‍රමවේදයක් සකස් කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

රජයේ සේවය අවම වැටුප ලබන කෙනාට තමන්ගේ වැටුප රුපියල් 55000 දක්වා වැඩි කරලා, එතනින් එහාට අවශ්‍ය අයවැය කළමනාකරණය කරන්න ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ වෙනකොට සකස් කෙරෙන අයවැය ලේඛනයට ඇතුළත් කරනවා. අනුවාාර්යයෙන්ම 2025ට යෝජිත වැටුප් සහ දීමනා වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.
මේ මැතිවරණයේදී තීන්දු වෙන්නේ මේ රටේ ආර්ථිකය ආපසු 2022 ටත් පහළට වැටෙන තැනකට ගෙනියනවද? ප්‍රගතිය එතනින් ඉදිරියට ගෙනයනවද? කියන එකයි. වැදගත් වෙන්නේ ආර්ථික වැඩපිළිවෙළයි. ආර්ථිකය ශක්තිමත් වුණොත් විතරයි අනෙකුත් සෑම ක්ෂේත්‍රයක්ම ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. ආර්ථිකය වැටුණොත් එතනින් එහාට කතා කරල වැඩක් නෑ. අපි ඒක අත්වින්දා.

නත්තල් කාලේ වගේ පොරොන්දු ගොඩවල් මේ පක්ෂ දෙකම දීලා. ක්‍රියාත්මක කරන්න බැරි කිසිම දෙයක් අපි කතා කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන ගිහිල්ලා ජනතාවගෙන් අහන්න පුළුවන් ˝ ඕගොල්ලන්ව 2022ට ගෙනියනවා. ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්න.˝ ඒක විතරයි මේ යෝජනාවලියත් එක්ක කරන්න තියෙන්නේ.
ණය කළමණාකරණ කාර්යාලය, අල්ලස් හා දූෂණය පිටුදැකීම සඳහා නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හඳුන්වා දීලා තියෙනවා. අල්ලස දූෂණය පිටුදැකීමට අවශ්‍ය ස්වාධීන ආයතනයක් හඳුන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික රාමුවට පිටුපානවා කියන්නේ මූල්‍ය අරමුදලෙ සහාය නැතිවෙනවා කියන එක. ණය හිමි රටවල් ණය එකඟතාවලින් ඉවත් වෙනවා. එතනින් එහාට ආයේ අයි.එම්.එෆ් වැඩසටහනක් නැති වෙනවා එහෙම වුණාම නැවත 2022ට යනවා.
මේ යෝජනාවලියෙන් අපි ඉවත් වුණොත් ඒ ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්න බැහැ. දුප්පත් රටක් කටුක ජීවිතයක් වෙත ගමන් කිරීම කියන එකයි හරිම තේරුම. හේතුව නැවත නැගිටීමක් කරන්න වසර විස්සක් විතර යනවා. එයාලා ආවම මේ රටේ සාමය රකින්නත් පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ පක්ෂ යාන්ත්‍රණය. අධිකරණ පද්ධතියේ කාර්යය ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ පක්ෂය තුළින්මයි. ජේ.වී.පීයෙන් මර්ධනය විතරයි ඉතුරු වෙන්නේ. ඕනෑම දේශපාලන පක්ෂයකට වඩා මර්දනය සහ තර්ජනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගව් ගානක් ගානක් ඉදිරියෙන් ඉන්නේ.

අනෙක් කණ්ඩායම් වලට වඩා මේ රට මෙහෙයවන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් තහවුරු කරලා තියෙනවා. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙයි, එළියෙයි වෘත්තීය සමිති මොන නාඩගමක් ද නැටුවේ. ඒක විවේචනය කරපු අයම ඒක අනුමත කරලා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාද එක් වූහ.

TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?