බදුල්ලේ පැවති තරුණයින් 1500ක් විතර සහභාගි වූ සමගි ජන බලවේගයේ විහිදුම් බලඝනය රැස්වීමකදී අපි අතීතය ගැන කතා කරන එක නවත්වලා මේ තරුණයින් එක්ක අනාගත දිසාවට හැරෙමු කියලා මම සජිත් ප්‍රේමදාසට කිව්වා. දැන් ඔබතුමා පියාණෝ ගැන කතා කරන එක නවත්වමු කිව්වා. දුප්පත් මිනිස්සුන්ට කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නා කියලා දුප්පත්කම නැති කරන්න බැහැ. ජාතියක් ගොඩ නගන්න බැහැ කියා කිවුවාÓ යැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා තංගල්ලේදී පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළ් තංගල්ල බස් නැවතුම්පොළ අසල පැරණි පොළ භූමියේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් අමතමිනි.