ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව තිබේ.
පෙරහර නැරඹීම සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතා, අමාත්‍ය බන්දුල ගුණවර්ධන,රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.
ඊයේ රාත්‍රී 6.57ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කෙරෙනු අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකරනු ලැබුවේ ශ්‍රී දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාය.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදුවුණි.