වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් විසින් ගෙදර සිටි සුනඛයා උසිගන්වා තිබෙනවා.
පසුව වරෙන්තුකරු විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුරුෂයෙකු අත්අඩංගුවට ගත් බවයි මාවනැල්ල පොලිසිය පැවසුවේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ අවුරුදු 25 ක් සහ අවුරුදු 23 ක යුවලක්.
සුනඛයා සපා කෑම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මේ වන විට මාවනැල්ල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
තුවාල ලැබූ අනෙක් කොස්තාපල්වරයා නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.
විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා සතකු පිළිබදව නොසැලකිළිමත්වීම යන චෝදනා මත එම නිවෙසේ සිටි කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
මේ අතර පලාගිය වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.