සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ඒ අනුව මෙම වර්ජනය ජනාධිපතිවරණය අවසන් වනතුරු නවත්වන බවයි එම සන්ධානය පවසන්නේ.
ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරුණා.
එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ බවයි.