ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
එහිදී අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා.
අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.









