ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂ තිස්පහකට ආසන්න පිරිසක් සන්ධානගත වන බව හිටපු මුදල් ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා තොට ළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ උතුරු කොළඹ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය මඟින් පවත්වනු ලැබූ නිපුණතා සංවර්ධන වැඩමුළුව අවසානයේ සහතික පත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මගී ප්‍රවාහන ක්ෂේත්රය තුළ ඉතා කාර්යක්ෂම සේවාවක් සපයන ත්‍රිරෝද රථ රියදුරන්ට වෘත්තියභාවයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විණ.
මේ මඟින් එම ත්‍රිරෝද රථ රියැදුරන්ට නව මාර්ගෝපදේශයක් ලැබෙන බව මෙහිදී හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු දුන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂ තිස්පහකට ආසන්න පිරිසක් සන්ධානගත වන බවත්ය.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේදී එක්වන බවත් මීට අමතරව තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳවත් මෙහිදී අදහස් පළ කර සිටියේය.