උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් අද (16) සිදුව තිබෙනවා.
ඒ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී.
නාවලපිටිය පාලක මැදිරියේ උසස් නිලධාරියෙකු පැවසුවේ බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ එක් භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වන විට පීලි පැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.