By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තරුණයන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටී මන්ත්‍රීවරයා දොලවත්ත
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > තරුණයන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටී මන්ත්‍රීවරයා දොලවත්ත
දේශපාලන

තරුණයන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටී මන්ත්‍රීවරයා දොලවත්ත

Last updated: August 16, 2024 9:35 am
2 Min Read
Share

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරන ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන manthri.lk වෙබ් අඩවිය පසුගිය 13 වන දිනට යෙදී තිබුණු “ජාත්‍යන්තර තරුණ දිනයට” සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වා තිබෙන දායකත්ව පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් කර තිබිණි.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් තරුණයන් වෙනුවෙන් වැඩිම ක්‍රියාකාරී දායකත්වයක් සපයා ඇත්තේ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාය. 

සමස්ත පාර්ලිමේන්තුව තුළ තරුණ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරු 11 දෙනෙකු පමණක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. 

දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව  තුළ නිරන්තරයෙන්ම වාද විවාද වලට සම්බන්ධ වන ක්‍රියාකාරී තරුණ මන්ත්‍රීවරයකු වන අතර manthri.lk වෙබ් අඩවිය සඳහන් කරන ලෙස සමස්ත මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්ව ශ්‍රේණිගත කිරීම අනුවත් ඔහු  8 වන ස්ථානය අත්පත් කරගෙන ඇත. 

ඔහු තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම මෙහිදී මෙරට තරුණ පරපුර ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. 

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් වී ඇත.

එමෙන්ම යුක්තිය, ආරක්ෂාව හා මහජන සාමය / ආණ්ඩුකරණ, පරිපාලන හා පාර්ලිමේන්තු කටයුතු/ ජාතික උරුමයන්, මාධ්‍ය හා ක්‍රීඩා/ කම්කරු හා රැකියා/ සුබසාධන හා සමාජ සේවා/ ආර්ථික හා මුල්‍ය/ අධ්‍යාපන/ නගර සැලසුම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන යන විෂයන් කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැඩි දායකත්වයක් සපයා ඇත.  

The Institute of Politics ආයතනය විසින් ද 2022 වසරේ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාව සම්මානයට පාත්‍රකර තිබිණි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
TAGGED:AwardParliamentPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?