ජපානයේ ටෝකියෝ නුවරට බලපා ඇති ඇම්පිල් සුළි කුණාටුව හේතුවෙන් එරට ඉසුමි නගරයේ වෙරළබඩ ප්‍රදේශයේ ජීවත්වන 17,000ක් පමණ ජනතාව ඉවත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, ඉදිරි පැය 12ක් තුළ එම සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 212ක් දක්වා ඉහළ යා හැකි බවයි.
වයෝවෘධ සහ ආබාධ සහිත පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.