By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අද
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අද
දේශපාලන

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අද

Last updated: August 15, 2024 10:31 am
2 Min Read
Share

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

එමෙන්ම කිසියම් නාමයෝජනාවක් සම්බන්ධයෙන් එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා ලැබෙනු ඇත.

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 40 දෙනෙකු ඊයේ (14) දහවල් 12 වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් වලදී ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවය.

එමෙන්ම ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ඡන්ද සලකුණු නිකුත් කිරීමක්ද සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

නාම යෝජනා භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මක කරයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 යන තෙදින තුළ සිදු කිරීමට නියමිත අතර ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් මස 4 වනදා සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින වෙන් කර තිබෙනවා.

නියමිත දිනයන්වලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා අමතර දින ලෙස සැප්තැම්බර් 11 සහ 12 වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:Election CommissionPoliticalPresidential ElectionSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?