හිරු මාධ්‍ය ජාලය විසින් උදෑසන පත්තරේ විස්තරය වැඩසටහන තුලින් චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා හරහා දිගින් දිගටම මැතිවරන නීති උල්ලංඝනය කරමින්, සමගි ජන බලවේගය ප්‍රවර්ධනය වන අන්දමින් හා අනෙකුත් අපේක්ශකයන්ට අපහාස වන අයුරින් අධිකරනයකදී ඔප්පු නොවූ චෝදනාවන්ට ලක් කරමින් සිදුකරනු ලබන මාධ්‍ය අවභාවිතය පිලිබද ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානය මගින් මැතිවරණ කොමිසන් සභාව වෙත තුන්වරක් පැමිනිලි කර ඇත.
තවද, හිරු මාධ්‍ය ජාලය විසින් 2024.08.12 වන දින තම ප්‍රධාන පුවත් විකාශයේදී මැතිවරණය නීති උල්ලංඝනය කරමින් පක්ශපාතී ලෙස පුවත් විකාශය කල බවත්
තම පුවත් විකාශන කාලයේ සමස්ථ මිනිත්තු 38:22 ක කාලය තුල මිනිත්තු 14 කට අධික කාලයක් සමගි ජන බලවේගය ප්‍රවර්ධනය වන ආකාරයේ සහ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී වරුන් තම රැලි වලදී ප්‍රකාශ කිරීමට යෙදුන, ජනාධිපති අපේක්ශක රනිල් වික්‍රමසිංහ මහතාට සහ අනෙකුත් අපේක්ශකයන්ට අධිකරනයකදී ඔප්පු නොවූ විවිධ චෝදනාවන්ට ලක් කරන ආකාරයේ ප්‍රකාශ තෝරාගෙන ඉදිරිපත් කර ඇති බවට එම සංවිධානයේ නීතීඥ වරුන් වන අගස්ති වීරසිංහ, දිනේෂ් ජයවීර, ධනුක රනන්ජන විසින් පැමිනිලි පසුගියදා කරනු ලැබීය.
එසේ පැමිනිලි කර තිබියදීත් ඒ පිලිබදව තැකීමක් නොකර තව දුරටත් ඒ ආකාරයෙන්ම එම මධ්‍යජාලයේ හැසිරීම පිලිබදව හා ඒ තුලින් සිදුවන පොදු ජනතාවගේ සංඛාත අවභාවිතය පිලිබද, සංඛාත පිලිබදව බලපත්‍ර නිකුත් කිරීමේ බලදාරියා වන ශ්‍රී ලංකා විදුලි හා සංදේශන නියාමන කොමිසම වෙත පැමිනිල්ලක් ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්ති වීරසිංහ මහතා සහ එහි විධායක සාමජික නීතිඥ දිනේශ් ජයවීර යන අය විසින් ඉදිරිපත් කර ඇත.
එම මහත්වරුන් අදාල පැමිනිල්ල තුලින් හිරුමාධය ජාලය දිගින් දිගටම සිදු කරනු ලබන සංඛාත අවභාවිතය පිලිබද සාදාරන පරීක්ෂණයක් සිදු කර දෙන මෙන් විදුලි හා සංදේශන නියමන කොමොසන් සභාවේ අද්යක්ශ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
ඒ අනුව, 2024/08/13 වන දින මැතිවරණ කොමිසන් ස්භාව විසින් හිරු මාධ්‍ය ජාලය වෙත මැතිවරණ නීතීන්ට අවනතව තම මාධ්‍ය වගකීම් නිසියාකාරව ඉටු කල යුතු බවට අවධාරනය කරමින් අවවාද කරමින් ලිපියක් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙත යොමු කර තිබේ.
තවද මැතිවරණ කොමිසන් සභාව විසින් මේ පිලිබදව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වරයාටද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාද ලිඛිතව දැනුම් දී ඇත.