By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රටේ ජනාධිපතිවරයා ස්වාධීනයි නම් මාධ්‍ය ආයතනත් ස්වාධීන විය යුතුයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රටේ ජනාධිපතිවරයා ස්වාධීනයි නම් මාධ්‍ය ආයතනත් ස්වාධීන විය යුතුයි
දේශපාලන

රටේ ජනාධිපතිවරයා ස්වාධීනයි නම් මාධ්‍ය ආයතනත් ස්වාධීන විය යුතුයි

Last updated: August 14, 2024 4:15 pm
4 Min Read
Share

නිසි බලධාරියෙක් පත් කර සියළුම මාධ්‍ය නියමනය කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව ප්‍රථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනාධිපතිවරයා ස්වාධීනව මැතිවරණවලට ඉදිරිපත් වෙනවා නම් මාධ්‍ය ආයතනද ස්වාධීනව කටයුතු කළ යුතු බවයි.

ඇතැම් මාධ්‍ය ආයතන සිය පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිවරණය යොදා ගනිමින් තිබෙන බවටද රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.

එක්ව ජයගමු තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට අද (14) දින සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එහිදී ප්‍රථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.

ඉස්සර නම් අපි දැක්කේ ආණ්ඩු පක්ෂයට තමයි මාධ්‍ය සම්පූර්ණ සහයෝගය දැක්වුවේ. දැන් ඒක අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට දැන් මාධ්‍යයෙන් සහයෝගයක් නෑ. එක් මාධ්‍ය ආයතනයක් එක් අපේක්ෂකයෙක් වෙනුවෙන්ම ප්‍රවෘත්ති සඳහා වැඩි වෙලාවක් වෙන් කර තිබෙනවා. මැතිවරණ කොමිසම මෙච්චර කල් බලන් ඉන්නවා. අපි මොනවා හරි දෙයක් කළාම තමයි මැතිවරණ කොමිසම අපේ පස්සෙන් එන්නේ. මැතිවරණ කොමිසමට මීට වඩා වගකීමක් තියෙනවා. එක දේශපාලඥයෙක් වෙනුවෙන් මේ මාධ්‍ය ආයතන මේ විදියට හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ.

මැතිවරණ කොමිසම දැන ගන්න ඕනේ නිසි බලධාරියෙක් පත් කරලා රජයේ මාධ්‍ය ආයතන හා අනෙක් මාධ්‍ය ආයතන සියල්ලම නියමනය කරන්න ඕනේ. ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ විසි ගාණක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක මාධ්‍ය ආයතනයක් එක අපේක්ෂකයෙක් වෙනුවෙන් වැඩ කිරීම අසාධාරණයයි. කුමන මාධ්‍ය ආයතනය වුණත් මේ වගේ වැඩ කරනවා නම් වැරැදියි. තමන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගන්න මාධ්‍ය ආයතන හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වැරැදියි. මැතිවරණයක් වෙලාවේ කාටත් සාධාරණයක් වෙන්න ඕනේ.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවර්ධනය කරන්නේ කුමන මාධ්‍ය ආයතනයද කියලා මුළු රටම දන්නවා. ඒත් ඒක දන්නේ මැතිවරණ කොමිසම විතරයි. මැතිවරණයේදී ඉන්නේ සජිත් ප්‍රේමදාස විතරයිද? ඒ මාධ්‍ය ආයතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් කර ගන්න බැරි වුණ එක මේ පාර සජිත් ප්‍රේමදාසගෙන් බලාපොරොත්තු වෙනවා.

හිරුණිකා තමයි සජිත් ප්‍රේමදාසට වැඩියෙන්ම කඩේ ගියේ. ඒත් අද හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වෙච්ච දේ ගැන මට දුකයි. හිරුණිකාට වෙච්ච දේ ගැන හිරුණිකාම දුක් වෙනවා ඇති. ඇතැම් මාධ්‍ය ආයතනවල අපේක්ෂකයොත් මේ ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඒත් ඔවුන්ට එම මාධ්‍ය ආයතනල ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ නෑ. මේ මාධ්‍ය ආයතනයත් එක්ක තිබෙන ඩීල් එක මොකක්ද කියලා මුළු රටම දන්නවා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දාලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා. බලලා කටයුතු කරන්න ඕනේ.

ගම්වල ඉන්න පට්ට හොරු ටික ඔක්කොම හොරු ටික එකතු වෙලා ඉන්නේ අනුර කුමාර දිසානායක මහතා වටෙයි. අනෙක් පක්ෂවල ඉදලා ඒ පක්ෂ විනාශ කරපු අය අනුර කුමාර දිසානායක මහතාට උදව් කරන්න එකතු වෙලා ඉන්නවා. මාලිමාවට මෙච්චර ඡන්ද ප්‍රමානයක් තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ අයට ඒ ඡන්ද ගන්න නම් ඉන්දියාවෙන් ඡන්ද ගේන්න වෙනවා.

මයිංගනයේ පෙරේදා පැවැති සජිත්ගේ රැස්වීමට සෙනඟ ගෙනාවේ බණ්ඩාරවෙල, හපුතලෙන්. ඔක්කොම බස්වලින් ඇද්දා. මහියංගණයේ මිනිස්සු එදා 2000ක් හිටියේ නෑ. එහෙම දැක්කම නායකයෝ හිතනවා රැල්ල එතන තමයි කියලා. දැනට ලංකාවේ කරපු හොඳම රැස්වීම කළේ මමයි නිමල් සිරිපාලද සිල්වා මහත්තයයි එකතු වෙලා බදුල්ලේ. අභියෝගයක් කරනවා පුළුවන් නම් අපේ සංධානයට වගේ රැස්වීමක් කරන්න කියලා. අපි ඒ රැස්වීම කළේ බදුල්ලෙන්ම සෙනඟ ගෙනල්ලයි.

විපක්ෂ නායක සජිත්ට නිකන් දුන්න ජනාධිපතිකම ගන්න බැරි වුණා. සජත්ට 75ක් හිටියා. සජිත්ට 75ක් හිටපු සජිත්ටද 113ට යන්න ලේසි, 1ක් හිටපු රනිල්ටද 113 ගන්න ලේසි කියලා හිතලා බලන්න.

මේ රටේ මිනිස්සු තෙල්, ගෑස් නැතිව පෝලීමේ හිටියා. සජිත්ට තෙල් ගෑස් නැති වුණේ නෑ. ඔහුට කොහොන් හරි ඒ දේවල් ලඟට ලැබුණා. ඒ දේවල් නැතිවුණේ මේ රටේ මිනිස්සුන්ටයි. විපක්ෂ නායකවරයාට වගකීමක් තියෙනවා රටේ වගකීම භාර ගන්න.

රට බංකොලොත් වෙනකන් බලන් හිටපු සජිත් ප්‍රේමදාස ඇයි මේ මේ මැතිවරණයට වියදම් කරන්නේ. නිකන් දුන්න ජනාධිපතිකම එදා භාර ගත්තේ නෑ. රටක් වැටුණ වෙලාවේ, මිනිස්සු අසරණ වුණ වෙලාවේ ඒ වගකීම භාර ගන්න එතුමා බය වුණා. මිනිස්සු දන්නවා එයා බිය ගුල්ලෙක් කියලා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

More Read

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රෙල්ඛයක්
සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහතුන් තේවාවලින් ඉවතට
ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි
රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට.
ජනපති දිවයිනට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?