ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානයක් අද (14) කොළඹ පැවැති රැස්වීමකදී පිහිටුවිය.
එම සන්ධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර තිබෙනවා.
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ වල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයකි. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි විය.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රෙම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, එස්.එම්.එම්.මුසාරෆ්, ඉෂාක් රහුමාන්, එස්. වියාලේන්ද්‍රන්, නසීර් අහමඩ්, මොහොමඩ් මුසම්මිල්, අලි සබ්රි රහීම්, උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුලු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් මෙන්ම වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.