By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විමලවීර විජයමුණි වඩිවේල් අසංක – ජනපතිට සහාය දෙති
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > විමලවීර විජයමුණි වඩිවේල් අසංක – ජනපතිට සහාය දෙති
දේශපාලන

විමලවීර විජයමුණි වඩිවේල් අසංක – ජනපතිට සහාය දෙති

Last updated: August 12, 2024 11:15 am
2 Min Read
Share

සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි විජිත් විජයමුණි සොයිසා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ලංකා කම්කරු ජාතික සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් ඇතුළු එම සංගමයේ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති අසංක නවරත්ත ප්‍රමුඛ එම පක්ෂයේ සහාය මෙවර ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණයකර ඇත.

ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස මෙන්ම විවිධ රජයන් යටතේ අවස්ථා කිහිපයකදීම කැබිනට් ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී මනාප 35,879ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ හය වැනි ස්ථානයද තහවුරු කර ගෙන තිබුණි.

ජනාධිපතිවරයාට සහාය දක්වමින් ඔහු බිබිලේ ජනහමුවක්ද සංවිධානයකර තිබුණි. තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව විජිත් විජයමුණි මහතා ප්‍රකාශකරනු ලැබුවේ එහිදීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකට අම්පාරේදී සම්බන්ධ වෙමින් පවසා තිබුණේ මෙරව ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටුවන බවය.

මෙවර ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණට ජයගත නොහැකි බව ද එහි දී ඔහු පැවැසීය. ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු ජාතික සංගමයේ සහාය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ඉගෙනුම් සභාවේදී පෙරේදා (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පෞද්ගලික උත්සව ශාලාවක පැවැති රැස්විමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාති භේදයකින් තොරව වතුකරයේ ජනතාව ඇතුළු රටේ ජනතාවට විශාල සේවයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වතුකරයේ ජනතාවගේ සහාය ලබාදෙන බවයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?