එක්සත් ලංකා මහා සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පක්ෂවල නියෝජිතයන් එම පක්ෂවල ලේකම් ධූරවල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොමිසම හමුවට අද (2024/08/12) කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.
එහිදී කොමිසම නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වුණේ ශ්රී ලංකා ප්රගතිශීලී පෙරමුණ, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පිළිගත් දේශපාලන පක්ෂ හයක ලේකම් ධූර සම්බන්ධව ගැටළු පවතින බවයි.
මේ වන විට දේශපාලන පක්ෂ ගණන 84ක්, 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කාර්යයන් සඳහා පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනය ප්රකාශයට පත් කළේය.