By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රාජගිරියට විශේෂ ආරක්ෂාවක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > රාජගිරියට විශේෂ ආරක්ෂාවක්
දේශීය

රාජගිරියට විශේෂ ආරක්ෂාවක්

Last updated: August 12, 2024 2:21 pm
2 Min Read
Share

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනෙන අගෝස්තු 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබේ.

එබැවින්, එදිනට එම ප්‍රදේශයට රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.

“මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ මස 15 වනදා පෙ.ව 9 – පෙ.ව 11 දක්වා කාලය තුළ සිදුකෙරෙනවා. එදිනම පෙ.ව 9 – පෙ.ව 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට කාලය වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකයින් සඳහා ස්වාධීනව ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා ලකුණු වෙන්කිරීම සිදුවන්නේ විරෝධතා කාලසීමාව අවසානයෙන් පසුවයි. මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත කලාපයට විශේෂිත ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයින්ට සහ අවසරලත් වාහනවලට පමණයි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා15 වෙනිදා දිනයේ දී සරණ මාවත ආශ්‍රිත රජයේ කාර්යාල හා රෝහල් එදින වසා තැබෙන බැවින් සාමාන්‍ය කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසය. නාමයෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි පැවැත්විය නොහැකියි. නාමයෝජනා භාරගෙන අවසන් වූ වහාම අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ නුවරඑළියේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කියා සිටියේ, මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Election CommissionLocalpresidental ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?