දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා සිටියේ දේශීය ආදායම් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලින් මුදල් වංචා සිදු කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
එසේ මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයන් හට මුදල් දීමෙන් වළකින ලෙසත් දේශීය ආදායම් නිලධාරීන් ලෙස පැමිණෙන ව්‍යාජ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට නීතිමය පියවර ගැනීමට සියලු පොලිස්ථාන දැනුවත් කර ඇති බවද දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනු ලැබීය.
බදු ගෙවීම් සම්බන්ධ ගැටලුවක් ඇත්නම් දැනුම් දින ලෙසත් සියලු බදු වර්ගයන්ට අදාළ හිඟ බදු අය කිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නීත්‍යානුකූලව පමණක් සිදුකරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවසන ලදී.