By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ
දේශීය

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ

Last updated: August 10, 2024 11:23 am
2 Min Read
Share

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊයේ(08) මෙය විවෘත කෙරුණි.

මෙම විවෘත කිරීමේ උත්සවය ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශෛලමය ඵලකය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් නිරාවරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණගුංග මහතා, ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ජාතික සඳුන් උයනේ ආරුක්කුවක හැඩයකට මුරුත පැළ සිටුවමින් මේ සඳහා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2024 ලෝක පරිසර දිනයේදී දියත් කරන ලද #Plant4Mother ව්‍යාපෘතියේ අංගයක් ලෙස පරිසරය සඳහා අචල කැපවීම අවධාරණය කරමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. අග්‍රාමාත්‍ය මෝදි මහතා 2024 ජූනි 5 වන දින නව දිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ බෝ පැළයක් සිටුවමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඉන්දියාව තුළ මෙම ව්‍යාපෘතිය යටතේ 2024 සැප්තැම්බර් වන විට පැළ මිලියන 800ක් ද 2025 මාර්තු වන විට පැළ බිලියන 1.4ක් ද ‘සමස්ත රජය’ සහ ‘සමස්ත සමාජය’ යන ප්‍රවේශය අනුගමනය කරමින් සිටුවීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස විවෘත කිරීම දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයට සාක්ෂ්‍යයක් වේ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහ තිරසාර ආර්ථික වර්ධනයක් සදහා ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය වඩා ඉහළ නැංවීමට සහ සවිමත් කිරීමට දෙරටෙහි දැක්ම ද මෙමගින් පිළිඹිබු වේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FriendshipIndiaLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?