සියලුම රජයේ විශ්රාමිකයන් වෙත ලබාදීමට තිබූ අන්තර් කාලීන දීමනාව පිළිබඳව අද (2024/08/09) මැතිවරණ කොමිෂන් සභාවට විශ්රාමිකයන් දෙදෙනෙක් විසින් ලියුමක් ඉදිරිපත් කර තිබුණා.
එහිදී සඳහන්ව තිබුණේ ඉතාමත් දැඩි ආර්ථික අපහසුතා මත දිවි ගෙවන විශ්රාමිකයන්ගේ දුෂ්කරතාවයන් හඳුනා ගත් වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා අන්තර් කාලීන දීමනාවක් වශයෙන් ඔවුන්ට රුපියල් තුන්දහසක මුදලක් ලබාදුන් බවත් පවතින මැතිවරණ නීති රීති නිසා එය නැවැත්වීමට කටයුතු කර ඇති බවත්ය.
එහිදී ඔවුන් කියා සිටියේ මැතිවරණ නීති රීතිවලට හෝ රජයට හෝ දේශපාලන පක්ෂයකට එම මුදලින් අගතියක් නොවන බවත් එය නැවත සලකා බලා ඉක්මනින් නැවත ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.
