ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා 3ක් එල්ල වී තිබෙනවා.
එම කවුන්සිලය නිවේදනය කර ඇත්තේ, ඔහුට එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා පසුගිය 6 වනදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි.
25 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරග 15ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 32ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.