By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Last updated: August 7, 2024 8:38 pm
2 Min Read
Share

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ මෙම තරගය ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අදත් ආරම්භක පිතිකරුවන් අගනා ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 89ක් අගනා ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.

එහි දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා ලකුණු 45ක් රැස් කළ අතර අතර ඔහුගේ අනෙක් අන්තයේ සගයා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් ‍රැස් කර ගැනීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 59ක් වාර්තා කළ අතර කමිඳු මෙන්ඩිස් වටිනා ලකුණු 23ක් රැස් කළා.

ඒ අනුව ගොඩනැගුණු ලකුණු 248ක ශ්‍රී ලංකා ඉනිම ට පිළිතුරු වශයෙන් ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 01කදී දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි.

එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 35ක්, විරාත් කෝලි ලකුණු 20ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක් රැස් කළා.

ඔවුන් තිදෙනා හැර එකදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව වාර්තා කළ එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට සමත් වුණා.

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 05ක් ලබා ගත් අතර ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් වුණා.

මෙම තරග ජයත් සමග විස්සයි විස්ස තරගාවලියක අමිහිරි පරාජයකට මුහුණ දී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුම් හෙළිය හැකි ජයග්‍රහණයක සතුට විඳින්නට හැකියාව ලැබුණා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketIndiaSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?