By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අරුණ දර්ශන අද රාත්‍රී 11.05ට පැරිස් ධාවන පථයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > අරුණ දර්ශන අද රාත්‍රී 11.05ට පැරිස් ධාවන පථයට
ක්‍රීඩා

අරුණ දර්ශන අද රාත්‍රී 11.05ට පැරිස් ධාවන පථයට

Last updated: August 6, 2024 3:32 pm
2 Min Read
Share

ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අවසන් පූර්ව වටයට පිවිසීමේ උදාර සලකුණක් තැබූ මීටර් 400 ශූර අරුණ දර්ශන ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසෙයි. 1948දී ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ඩන්කන් වයිට් හා 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුසන්තිකා ජයසිංහ පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදුන් පසු අරුණ දර්ශන අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

මීටර් 400 ඔලිම්පික් මූලික වටයේ තරගයට පෙරේදා එක්වූ අරුණ දර්ශන තත්පර 44.99ක කාලයක් ගතකොට අවසන් පූර්ව වටයට පිවිසියේය. 1998දී සුගත් තිලකරත්න ජපානයේ ෆුකෝකා හිදී තත්පර 44.61කින් පිහිටුවා ඇති මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව මකා දැමීමට අරුණ දර්ශනට අඩු වූයේ දශම කිහිපයක් පමණි. එම ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම අරුණ දර්ශනගේ තවත් අපේක්ෂාවකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 400 ඔලිම්පික් නියෝජනය සිහිපත් කිරීමේදී 1948දී ජොහාන් ද සේරම් තත්පර 51.20කින්, 1972දී වික්‍රම විමලදාස තත්පර 46. 50කින්, 1996දී සුගත් තිලකරත්න තත්පර 45. 78කින්, 2000දී සුගත් තිලකරත්න තත්පර 45. 54කින් හා 2004දී රොහාන් ප්‍රදීප් තත්පර 46. 20කින් තරග නිමකොට ඇත. එයින් අවස්ථා දෙකකදී පමණක් විමලදාස හා සුගත් යන ක්‍රීඩකයන් දෙදෙනා දෙවැනි වටයට පිවිසීම මීටර් 400 ඔලිම්පික් තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉහළම දක්ෂතා වේ.

එබැවින් සේරුවිල සිංහපුර පිටිසර ගම්මානයක උපන් අරුණ දර්ශන පැරිස් නුවරදී දක්වන දක්ෂතා පිළිබඳ මලල ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි ප්‍රශංසාව හිමිව ඇති අතර, ඔහු ශ්‍රී ලංකාව නම් වූ පෙරදිග මුතු ඇටයෙන් පැමිණි පෙරළිකාරයෙක් බවට හඳුන්වා දී තිබේ.

අද පැවැත්වෙන අවසන් පූර්ව තරගයට ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 24ක් සහභාගි වන අතර, අරුණ දර්ශන 17 වැනි ස්ථානයේ සිටී. අරුණ මූලික වටයට පිවිසෙද්දී කාලය අනුව ඉදිරියෙන් සිටි ලොව දැවැන්තයන් කිහිප දෙනෙකුම පසුකොට ගිය බැවින් මේ අවසන් පූර්ව වටය දෙස බොහෝ අවධානයක් යොමුව පවතී.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න

TAGGED:Aruna DarshanaParis OlympicSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?