By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළ වාර්තාව ජනපතිට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළ වාර්තාව ජනපතිට
දේශීය

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළ වාර්තාව ජනපතිට

Last updated: August 5, 2024 12:04 pm
2 Min Read
Share

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වර්ෂ 2016 -2020 අතර කාලය තුළ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය සේවකයන් එක් ලක්ෂ අටදහසක් පමණ සිටින බවත්, ඔවුන් දැවැන්ත විශ්‍රාම වැටුප් විෂමතාවකට ගොදුරුව සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් මත මේ සියල්ල ඉතා සියුම්ව සොයා බලමින් විශ්‍රාමලත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට ස්ථිරසාර කඩිනම් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උදය සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ විසඳුම් සෙවීම සඳහා කරුණු සොයා බලමින් සිටින බවත් ඉදිරි අයවැය තුළින් ඒ සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීමට ඒ අනුව හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන්හ මතුව ඇති දැවැන්ත අසාධාරණය වන්නේ 2016- 2020 වර්ෂ අතර කාලය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් තමන් සමග සිටි වසරකට පසු විශ්‍රාම ලැබූ අයවලුන් ලබන වැටුපෙන් හරි අඩක් පමණක් ලබා ගැනීම බවයි.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ සාමාජිකයන් සමඟ පසුගියදා මේ පිළිබඳ තමා වැඩිදුරටත් සාකච්ඡා කළ බවත් ඉතා කෙටි කාලයක් තුළ මේ සඳහා විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවන ලද බවත් ඒ අනුව එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:GovernmentLocalPensionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?